විහාරධිපති ප්‍රකාශය


සේරුවාගල විහාරය දඹදෙණි යුගයට අයත් පෞරාණික විහාරයකි.අක්කර 50 ක් පමණ විසිතුරු ගල් තලාවක් මත මෙම සිද්ධස්ථානය පිහි‍ටුවා ඇත.ස්වාභාවික සෞන්දර්යයෙන් නො අඩු මෙම සිද්ධස්ථානයෙහි පිටත ප්‍රාකරය,දාගැබ සහ බිතුසිතුවම් වලින් යුතු විහාර මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංර්ක්ෂිත ස්මාරක ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.
එබැවින් මෙම සිද්ධස්ථානයට පැමිණෙන බැතිමතුන් හට වන්දනාමාන කිරීම සදහා විහාර මන්දිරයක් ඉදිකිරීමට විහාරධිපති ස්වාමීන් වහන්සේ සහ දායක සභාව තීරණය කර ඇත.

අපගේ පෞරාණික පුරාවස්තු අපගේ අනන්‍යතාව මෙන්ම සංස්කෘතිකාංග වේ.අප ප්‍රෞඩ ජාතියක් ඇති ජාතියක් වශයෙන් සලකනු ලබන්නේ මෙම ඓතිහාසික උරුමයන් නිසයි.පැරණි මුතුන් මිත්තන් මෙම සංස්කෘතික උරුමයන් සුරක්ෂිතකොට අපහට දායාද කලේය.එබැවින් අපද මෙම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට බැදී සිටී.


විහාරධිපති,
සේරුවාගල පුරාණ විහාරය-සැවැන්දන,
ශාස්ත්‍රවේදී පණ්ඩිත මොරදන දම්මපාල ස්වාමීන් වහන්සේ.

Bookmark the permalink.

Leave a reply

අදහස් දක්වන්න