සාදමින් පවතින සමාධි බුදධ ප්‍රතිමාව

සැදීමට යෝජිත පිළිම වහන්සේ
 


සේරුවාගල විහාරස්ථානය පිහිටි විශාල ගල්තලාව මත දැනට ඉදිකිරීම් ආරම්භ කර ඇති අසූරියන් බුද්ධ ප්‍රතිමාව ලෝකවාසී බෞද්ධ බැතිමතුන්ගේ පූජනීයත්වයට පත්වන තවත් ප්‍රතිමාවක් වනූ නිසැකය.එය ධ්‍යාන මුද්‍රාවෙන් නිර්මාණය කිරීමට නියමිතය.


සාදමින් පවතින පිළිම වහන්සේ


 

මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීමේ ප්‍රධාන ඉන්ජිනේරු මහතා හැටියට කටයුතු කරන්නේ  කන්දේ විහාරය,ඇතුගල පිළිමය වැනි පිළිම නිම කල මිල්ටන් විජේසුන්දර ඉන්ජිනේරු මහතායි.දැනට ගම්වාසීන්ගේ,දායකයන්ගේ,පරිත්‍යාගශීලීන්ගේ සහ විහාරස්ත සම්පත්වල ආධාරයෙන් මෙහි වැඩකටයුතු ඉහත රූපසටහනේ ආකාරයට අරම්භකර ඇත.නමුත් මේ සදහා 18,690,67,50 ක මුදලක් වැය වන බව මිල්ටන් විජේසුන්දර ඉන්ජිනේරු මහතා විසින් ඇස්තමේන්තු ගතකර ඇත.නමුත් විවිධ මිල ගනන් වෙනස්වීම් වලට අනුව මෙම මුදල තවදුරටත් ඉහල යෑමට ඉඩ ඇත.කෙසේ හෝ අනාගත් දූපුතුන් වෙනුවෙන් සහ බුදුසසුනේ චිරස්තිථිය සදහා මෙන පිළිමය ගොඩ නැංවීමේ මහගු කාර්යට ඔබටත් දායක විය හැකිය.

පිළිමය ගොඩ නැංවීමේ කාර්යයට දායකවීමට සහ මේ වටිනා පින්කමට ආධාර කිරීමට හැකියාවක් ඇත්නම් සේරුවාගල පුරාණ විහාරධිකාරී  ශාස්ත්‍රවේදී පණ්ඩිත මොරදන ධම්මපාල ස්වාමීන් වහන්සේ සම්බන්ද කරගන්න.

දුරකථන අ:- 0094372249749
බැංකු ගිණුම් විස්තර:-නාරම්මල,ලංකා බැංකුව, 1551820

ද්‍රව්‍යමය ආධාර මගින් පරිත්‍යාග කිරීමට කැමතිනම් විහාරධිපති ස්වාමීන් වහන්සේ අමතා ද්‍රව්‍ය ගෙනැවිත් දිය හැකියි.

Bookmark the permalink.

Leave a reply

අදහස් දක්වන්න