සේරුවාගල පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික බව


කුරුණෑගල මීගමුව පාරේ බෙම්මුල්ලේගෙදර හන්දියෙන් හැරී පොල්ගහවෙල පාරේ සැතපුම් දෙකක් පැමිණි විටද,කුරුණෑගල කොළඹ පාරේ කහවත්තේඇල හන්දියෙන් හැරී සතපුම් හයක් පමණ පැමිණි විටද,සැවැන්ද සේරුවාගල විහාරස්ථානය හමුවේ.අක්කර 400 ක පමණ සුන්දර ගල්තලාවක් මත පැතිරුණු සුන්දර පරිසරයක මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ඓතිහාසික හා පුරවිද්‍යාත්මක වටිනා කමකින්යුත් මෙම විහාරයට "සේරුවාගල විහාරය "ලෙසින් භාවිථා කරන්නේ කුමන කරුණක් නිසාද යන්න සොයා බැලිය යුතු කරුණකි.
පොළොන්නරු යුගය වන විට දැනට ආවාස ගෘහය පවතින ප්‍රදේශයේ විශාල වැවක් පිහිටා තිබුණි.මෙම වැව ආසන්නව ආහර සොයමින් ජීවත් වූ සේරු නැමැති කුරුල්ලන් ජලය මත ලැගුම් ගැනීමට නොහැකි නිසා මෙම ගල් තලාව මතට ඇදී ආවේය.මේ නිසා සේරු+ආ+ගල පසුකාලීනව ව්‍යවහාරයත් සමග සේරුවාගල ලෙස හදුන්වා ඇත.රාත්‍රී කාලයේදී මෙම කුරුල්ලන් ලැගුම් ගත් ස්ථානය "සේරුගොල්ල" යනුවෙන් භවිතා කෙරේ.සේරුගොල්ල ගම්මානය දැනට විහාරස්ථානයේ දායක ගමකි.

පොළොන්නරු යුගයේ රාජධානිය බිදවැටීමත් සමගම තෙවන විජයභාහු රජතුමා දඹදෙණිය තම රාජධානිය ලෙස ‍තෝරා ගත්තේය.මෙම රජතුමා කොත්මලේ සගවා තිබූ දළදා වහන්සේ බෙලිගලට වැඩමවා පූජෝපහාර පැවැත්වූහ.දෙවන පැරකුම්බා රජතුමා  දඹදෙණියේ දළදා මැදුරක් කරවා දළදා වහන්සේ එහි වැඩමවා එහි නොයෙක් පූජෝපහාර පැවැත්වූහ.දළදා පෙරහැරක්ද කරවීය.මේ නිසා දඹදෙණිය පූජනීය පුදබිමකි.

විහාරේගම රජමහා විහාරය දඹදෙණිය  රාජධානියේ සිට සැතපුම් අටක් පමණ දුරකින් පිහිටා ඇති පුදබිමකි.ලන්කාවේ රහතන් වහන්සේලා වැඩවිසූ ස්ථාන නවයකි.දැනට සොයාගෙන ඇති පුරාවිද්‍යාත්මක සධක වලට අනුව සින්හලයේ අනිතිම මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේගේ ආදාහන උත්සව පවත්වා ඇත්තේ විහාරේගමදීය.එසේම උන්වහන්සේගේ භෂ්මාවශේෂ නිධාන් කොට දාගැබක්ද බදවා ඇත.මලියදේව මහරහතන්වහන්සේ වාසය කරන ලද්දේ සබරගමු පළාතේ වට්ටරම විහාරස්ථානයේදීය.මේ නිසා දඹදෙණිය රාජමහා විහාරය,විහරේගම රජමාවිහාරය සහ වට්ටාරම යන ස්ථාන තුනම පූජනීය ස්ථානය.මේ නිසා සත්කෝරල  වාසී ජනතාව මෙම ස්ථාන තුනම වැද පුදා ගැනීමට මහත් රුචියක් දැක්වූහ.මෙම ජනතාව එක්දින වන්දනා චාරිකා සදහා මෙම පූජනීය ස්ථාන තොරාගත්හ.අතීතයේදී වර්ථමානයේ මෙන් මෙතරම් දියුණු මාර්ග පහසුකම් නොතිබිණි.ජනතාව වන්දනා චාරිකා කිරීමේදී දඹදෙණිය වැදපුදා ගෙන අනතුව සමූහ වශයෙන් විහාරේගමට පැමිණේ.මෙම පැමිණෙන ගමනේ වෙහෙස නිවා ගැනීම සදහා අම්බලන්වල නැවතී විඩාව සන්සිදුවා ගන්නා ලදි.විහාරේගම රජමහාවිහාර වැදපුදා ගත් බැතිමතුන් පසුව වට්ටාරම වැදපුදා ගැනීමට ගමන් කරයි.

මෙහිදී වට්ටරමට ගමන් ගන්නා එක මාර්ගයක් වැටී ඇත්තේ දැනට සේරුවාගල විහාරය පිහිටා ඇති ගල්තලාව හරහාය.ගල්තලාවේ උසම ස්ථානයේ ඔවුන් විඩාව හරින ලදි.මෙම ස්ථානයේ අද අම්බලමක නටබුන් දක්නට ඇත.මීට අමතරව පෙර රජ දවස රජවරුන් වාසය කලේ යැයි  සිතිය හැකි මාලිගාවල නටඹුන්ද  සුලු වශයෙන්  දැකිය හැකිය.නමුත් මෙම සියලුම කරුණු සත්‍ය ලෙස ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාත්මක සාධක හමුවී නැත.එම අවධියේ භික්ෂු ආවාස ගෘහය පිහිටා ඇත්තේද එම ගල්තලව මතය.පසුකාලීනව  මාර්ග පහසුව ගැන සලකා භික්ෂු ආවාස ගෘහය ගල පාමුල ඉදිකොට ඇත.ඇතැම් විට සඹරගමු පාලකයන් දඹදෙණිය පුරවරයට ගමන් ගෙන ඇත්තේද මෙම විහාරස්ථානය හරහා වැටී ඇති මාරගයේය.පුරාවිද්‍යා දෙපර්තාන්තුව මගින් පුරාවිද්‍යා වටිනකමික් ඇති සාධක ලෙස දැනට ගල තලාව මත පවතින විහාර මන්දිරය,චෛත්‍ය වහන්සේ, සහ දේවාලය හදුනාගෙන ඇත.

Bookmark the permalink.

One Response to සේරුවාගල පුරාණ විහාරස්ථානයේ ඓතිහාසික බව

  1. watina lipiyan..sthuthuee Obata..danne ne mewage then thiyawada kiyalawath laga patha

    ReplyDelete

අදහස් දක්වන්න